නියෝජ්‍ය අමාත්‍යවරයකු යනු නිලයක් දරන පුද්ගලයකු නිසා එවැනි අයකුට විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේ බාධාවක් නොමැති බවට ලේකම් කාර්යාංශය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එම නිසා අද දවසේ විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමට තහවුරු කර ගන්න යොදවූ පත්‍රිකා තුළින් ම මේ තර්කය බිද වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.*
නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලි කරන ආකාරයට මේ සදහා නීතිමය බාධාවක් නොමැති බවත් අර්ස්කින් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සමූහයක් වශයෙන් රජයකට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙන එනවා සේම තනි පුද්ගල අමාත්‍යවරුන්ට එරෙහිව ද ගෙන ආ හැකි බවත් අර්ස්කින් මේ හරියට කියවා බැලුවාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන්දියාවේ ව්‍යවස්ථාපිත නිලධාරීන් පමණක් නොව විශ්වාසභංග යෝජනාවක් තනතුරු හොබවන්නන්ටද ඉලක්ක කර ගත හැකි බවත් මේ අය පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කරන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බවත් ඉන්දීය පාර්ලිමේන්තු සම්ප්‍රදායේද ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ක්‍රමයේ වෙනසක් ඇති කරන පැමිණි වත්මන් රජය දැන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට අනුර බණ්ඩාරනායක මහතාගේ සම්ප්‍රදාය ගැන කතා කරන බවත් ය. නමුත් අනුර බණ්ඩාරනායක මහතා විපක්ෂ නායකවරයා නැගිටින විට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නත් මේ අය එය නොදෙන බවත් විපක්ෂ නායකවරයාට අදහස් ඉදිරිපත් කරන්න පවා නොදෙන බවත් පැවසීය.
එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා, අජිත් පී පෙරේරා මහතා තර්කානුකූලව පදනම් සහිතව අදහස් ඉදිරිපත් කරන විට ළමයි විදිහට කතා කරන්න එපා යැයි රජය පවසන බවත් ඊයේ ළමා අයිතිවාසිකම් ගැන කතා කර අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ළමයි ලෙස කතා කරන්න එපා කියා ඒ අයිතිවාසිකම ද නැති බවට විහිලු සපයන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
https://youtu.be/06GyEebyCMo