කේබල් රථයක් කඩා වැටී භික්‍ෂුන් හතක් අපවත් වෙති.. තව පිරිසකට බරපතලයි.. කිලෝ 500 ඉක්මවා 13ක් පටවලා..

කේබල් රථයක් කඩා වැටී භික්‍ෂුන් හතක් අපවත් වෙති.. තව පිරිසකට බරපතලයි.. කිලෝ 500 ඉක්මවා 13ක් පටවලා..

පන්සිලුගම, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව සිදුවූ කේබල් කාර් අනතුරෙන් අපවත්වූ භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව සත් නමක් දක්වා ඉහළ ගොස් ඇත.


ඊයේ (24) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකු පමණ රැගත් කේබල් කාර් රථයක් දෝෂයකට ලක්ව කඩා වැටී ඇත.

අපවත්වූ භික්ෂූන් වහන්සේලා අතරින් දෙදෙනෙකු විදේශික භික්ෂූන් වහන්සේලා බව වාර්තා වන අතර, උන්වහන්සේලාගේ දේහයන් ගොකරැල්ල දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර තිබේ. අනෙක් භික්ෂූන් වහන්සේලාගේ දේහයන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් බරපතල තුවාල ලබා ඇති අතර, උන්වහන්සේලා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

WEB 2025 09 25T010911 808904

 

Search