ොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වායු සමීකරණ පද්ධතිය වසරක පමණ කාලයක සිට අක්‍රීයව පැවැතීම හේතුවෙන් රෝගී ජීවිත අවදානමට ලක්ව ඇතැයි වාර්තා වේ.
හදිසි අනතුරු අංශයේ ශල්‍යාගාර සංකීර්ණ දෙකක් දැඩි සත්කාර ඒකක දෙකක් සහ විකිරණ යන්ත්‍ර පිහිටි ඒකක දෙකක් ද පිහිටා ඇති අතර මෙම සියලු ඒකක වායුසමීකරණ යටතේ පවත්වාගෙන යා යුතු වේ. නමුත් එහි පැවැති වායුසමීකරණ පද්ධති තුනෙන් එකක් පමණක් මේ වනවිට ක්‍රියාත්මකව තිබේ. මේ නිසා බිලියන ගණන් වටිනා වෛද්‍ය උපකරණ ද අනතුරට ලක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ හේතුවෙන් සැත්කම්වල යෙදෙන වෛද්‍යවරු, කාර්ය මණ්ඩලය සහ රෝගීහු අධික උෂ්ණත්වය නිසා ගැටලු ගණනාවකට මුහුණ දී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි. මෙම වායුසමීකරණ පද්ධතීන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන්, රෝගී ශල්‍යකර්ම සිදු කිරීමේදී මෙන්ම, අනෙක් ප්‍රතිකාර කටයුතුවලදී ද, ආසාදනයන් පාලනය කිරීම ද දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බව පැවැසේ.
රෝහල් විකිරණ අංශයේ පවතින රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර මෙන්ම, දැඩි සත්කාර ඒකකයන්හි ඉහළ වටිනාකමින් යුත්, ස්වසන ආධාරක යන්ත්‍ර :ඡ්එසැබඑි ඪැබඑසක්එදරි* මෙලෙස දැඩි තර්ජනයන්ට ලක්ව තිබේ.
රස්නය හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩල පිරිස් දහඩිය පිස දමමින් සේවය කළත්, අවස්ථා ගණනාවකදී කිහිපදෙනකු ක්ලාන්ත වූ බව ද සඳහන් කරන රෝහල් ආරංචි මාර්ග මේ වනවිට ඇතැම් ශල්‍යාගාර තුළ ‘විදුලිපංකාද’ භාවිත කරන බව පෙන්වා දෙයි.
වසරකට ආසන්න කාලයක සිට පවතින මෙම වායුසමීකරණ අක්‍රීයතාවයන් පිළිබඳව රෝහල් හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කර ඇතත් මේ දක්වා සාධනීය විසඳුමක් ලබාදී නැතැයි ද ජාතික රෝහලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී