ඩොලර් බිලියනයේ වන්දිය ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් බැහැ කියයි

ඩොලර් බිලියනයේ වන්දිය ගෙවන්න එක්ස්ප්‍රස් පර්ල් බැහැ කියයි

2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදල ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


ප්‍රංශ පුවත් සේවය සමග පැවති සංවාදයකදී එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂුමෙල් යෝස්කොවිට්ස් පවසා ඇත්තේ මෙම වන්දිය ගෙවීම කළහොත් එයින් පවතින සමුද්‍රීය සම්මුතීන්ට දැඩි බලපෑමක් ඇති කරන බවයි. එමෙන්ම සමුද්‍රීය වෙළෙඳාම්, නැව්ගත කිරීම් සහ ප්‍රවාහනය යන කටයුතුවලදී සිදුවන අනතුරු සඳහා සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව වන්දි ගෙවීම් සිදු කරන නමුත් මෙම වන්දි ඉල්ලීම අදාළ සීමාවන් පැන ඇති බවද ඔහු සංවාදයේදී පවසා ඇත. මෙම ගෙවීම කළහොත් එය අනෙකුත් රටවලට ද වැරදි පූර්වාදර්ශයක් සපයන බව ඔහු එහිදී පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ සිදු වූ හානිය සම්බන්ධයෙන් කනගාටු වන අතර මෙම අනතුර වෙනුවෙන් වන්දි ගෙවීම කිසිවිටෙකත් පැහැරහැරීමක් සිදු නොකරන නමුත් වන්දි ගෙවීම් සිදු කරන්නේ අදාළ සමුද්‍රීය සම්මුතීන්ට අනුකූලව සමස්ත අවසන් වන්දි ගෙවීම් මුදලක් ගණනය කිරීමෙන් පසුව බවය.

පසුගිය ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු වූ හානිය වෙනුවෙන් අදාළ නෞකා සමාගමට අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් ගෙවන ලෙසට නියම කර තිබුණි.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා තිබූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්‘ නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ 2021 මැයි මස 20 වැනිදාය. නෞකාව දිගින් මීටර් 186ක් සහ පළලින් මීටර 34කි

Search