ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කිරීමේ යෝජනාව ප්‍රථමයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ 2002 වසරේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එදා සිට වසර 25ක් පුරා ජනතා විමුක්ති පෙරමුණ ආශ්‍රිත වෘත්තීය සමිති මෙම යෝජනාවට එරෙහිව සටන් කළ බවත්, ඒ වෙනුවෙන් ලංවිම සේවකයන්ගේ මාසික වැටුපෙන් රුපියල් 200 බැගින් සිය පක්ෂ අරමුදලට රුපියල් කෝටි ගණනක් එකතු කළ බවත්ය.
මාධ්‍යට අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසූ අතර, වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට බලපෑම් කර ස්ථිර කරනු ලැබූ 6000කට අධික ‘Man Power’ සේවකයන්ට, විදුලි පාරිභෝගිකයන්ගේ මුදලින් වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීමට සිදුව ඇති බවයි.
මෙය මිලියන 7ක් වන විදුලි පාරිභෝගිකයන්ට සිදු වූ අසාධාරණයක් බව ඔහු අවධාරණය කරයි.
ජනාධිපති අනුර දිසානායක විදුලි සේවකයන්ට තර්ජනය කිරීම වෙනුවට, ජාතියෙන් සමාව ගෙන තම පක්ෂය විදුලි සේවකයන්ගෙන් එකතු කරගත් කෝටි ගණනක මුදල නැවත ලබා දිය යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.
යෝජිත විදුලි සමාගම් රජය යටතේම පවතින බවට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ “පට්ටපල් බොරු” බව ද ඔහු පැවසීය. එම සමාගම්වල කොටස් ඕනෑම අවස්ථාවක විකුණා දැමීමට හැකි වන පරිදි නීති සකස් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය