එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ලේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී අද (20) මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
“ඔබේ මතය ඔබ දරන්න.ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරද්දන්න එකට සිට ගමු”i ” යන තේමාව යටතේ ඇරඹි මෙම සංවත්සරයට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් හා නියෝජිතයින් දිවංගත පක්ෂ නායකයින්ගේ පිළිරු වලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවරුව සංවත්සර සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.
විපක්ෂයේ සියලු පක්ෂ එකට එක්ව පොදු ගමනක් ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව මෙම සංවත්සරය බව ඊට එක් වූ පක්ෂ නායකයෝ හා නියෝජිතයෝ පැවසූහ.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක , පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන්, පළනි දිගම්බරම් , මහාචාර්ය ජී.එල් පීරිස්. නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර , චම්පික රණවක. අනුර ප්‍රියදර්ශන යාපා, ලසන්ත අලගියවන්න , සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු පක්ෂ නායකයින් සහ නියෝජිතයෙන් විශාල පිරිසක් සංවස්සර උත්සවයට පැමිණ සිටියහ.