2029 ආණ්ඩුවක් පිහිටුවීමට රාජපක්ෂවරු කුමන්ත්‍රණයක

 2029 ආණ්ඩුවක් පිහිටුවීමට රාජපක්ෂවරු කුමන්ත්‍රණයක

රටේ වත්මන් පාලනය වෙනුවට 2029 වසර වන විට රාජපක්ෂ වරයෙකුගේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර අද (19) පැවති සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කර ඇත


හිටපු ජනාධිපතිවරු දෙදෙනා අතර මෙම හමුව තංගල්ලේ කාල්ටන් නිවසේදී සිදුව තිබේ.

පැය තුනකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී පවුලේ තොරතුරු මෙන්ම නාමල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු දියත් කළ යුතු ආකාරය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බව එම පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙක් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද දහවල් තංගල්ල කාල්ටන් නිවසට පැමිණ දිගු වේලාවක් එහි රැඳී සිට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී කොළඹ නිවසකට පදිංචියට පැමිණීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර එමගින් නාමල් රාජපක්ෂ ගේ සහ පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම සඳහා පහසුවනු ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

තමන් විජේරාම නිවසින් කාල්ටන් නිවසට පැමිණ ගතවූ දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අති විශාල පිරිසක්
තමා මුණගැසීමට පැමිණි අතර ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ නැවත පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නායකත්වය දෙන ලෙස බව මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපතිවරු දෙදෙනා අතර පැවති දීර්ඝ සාකච්ඡාව අවසන් කර ඇත්තේ දිවා ආහාරයද ලබා ගැනීමෙන් අනතුරුවය

Search