මට චෝදනා කළ සමහරුන්ට මට වඩා වත්කම් තියෙනවා – නාමල් රාජපක්ෂ

මට චෝදනා කළ සමහරුන්ට මට වඩා වත්කම් තියෙනවා – නාමල් රාජපක්ෂ

තමාට එරෙහිව පැමිණිලි කළ ඇතැම් අයට තමාට වඩා දේපළ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.


නිර්ධන පංතිය පිළිබඳව සඳහන් කරමින් දේශපාලනය කළ වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිස එම දේපළ උපයාගෙන ඇත්තේ පසුගිය වසරක කාලය තුළදී ද එසේත් නොමැති නම් ඔවුන් විසින් 76 වසරක ශාපය ලෙස හැඳින්වූ කාලය තුළදී ද යන්නත් සොයාබැලිය යුතු බවත් ඒ මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙන්ම 2010 වසරේ සිටම තමාගේ දේපළ පිළිබඳව රටට හෙළිකර ඇති බව කී නාමල් රාජපක්ෂ මහතා තමන් ගමේ ජනතාවගෙන් කෙසෙල් කැන් හෝ වාහනයට ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ලබා නොගත් බවත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කීය

Search