විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවට ඇතැම් වෙබ් අඩවි පළ කොට ඇති වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරයි.
එජාප පක්ෂ මූලස්ථානය වන “සිරිකොත” ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාල විමර්ශන කටයුතු සදහා මෙසේ විපක්ෂනායකවරයා කැදවා ඇති බවට අදාළ ප්‍රවෘත්ති වාර්තා වල පළවී තිබේ.
අප නිරීක්ෂණ අනුව මේ සම්බන්ධව පළමු සමාජ මාධ්‍ය සටහන සිරස news 1 st ෆේස්බුක් පිටුවේ පළකර තිබිණ.
නමුත් විපක්ෂනායවරයාගේ පාර්ශවයෙන් දැනගන්නට ඇත්තේ මේ දක්වා එවැනි කිසිදු ආකාරයේ කැදවීමක් නොමැති බවය