රනිල් වික්‍රමසිංහ යනු රටේ ජනතාවට ජීවය ලබා දුන් නායකයා බවත්, ඔහුගේ සහ තමාගේ දේශපාලන මත අතර කෙතරම් නොගැළපීම් තිබුණත් ඔහු ආර්ථිකය ගොඩනැංවූ ආකාරය හේතුවෙන් එතුමාට විශාල ගෞරවයක් හිමි විය යුතු බවත්, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ,අද (24) කොළඹ අමාරි හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙන විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ ඒකාබද්ධ ප්රවෘත්ති සකච්ඡාවට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
අපේ පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.අර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාව ඝාතනය කරා. ඝාතනය කරාට පක්ෂය සහ ජනතා ව්‍යාපාරය දිගටම ඉදිරියට ගියා මේ රටේ ජනතාවත් සමග. ඉන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම ධජය අතට අරගෙන ඉදිරියට ගිය අතර, එතුමියගේ ප්‍රජා අයිතිය ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ රජය මගින් උදුරගත්තා. ඒක සම්පූර්ණයෙන්ම ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාවක් තමයි. ඉතින් මේකෙන් අපි පාඩම් එකට ගන්නට ඕන තමයි. නමුත් මැතිණිය අවුරුදු 17ක් පක්ෂයට නායකත්වය දීලා මේ රටේ පෙරළියක නැවත ඇති කරා. මේක තමයි අපට ඉතිහාසයෙන් ලබාගන්නට තියෙන පාඩම. මර්ධනය තුළින්, ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාවන් තුළීන් ජනතා මතය හෝ ජනතා බලවේගයන් යටපත් කිරීමට පුළුවන්කමක් නෑ කියන එක.
ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ මේ රටේ ජනතාවට ජීවය දුන්න එතුමාගේ අපි අතර ලොකු දේශපාලනය නොගැළපීම් තිබුණා. නමුත් එතුමා ආර්ථිකය ගොඩනැංවූ ආකාරය, එතුමා තීන්දු ගත්ත ආකාරය යන ධනාත්මක ස්වරූපයන් පිළිබඳව අප තුළ තිබුණේ එතුමාට විශාල ගෞරවයක්. මේ රටේ ජනතාව එතුමාට ණය ගැතියි. ඒ අවස්ථාවේදී රට බේරාගෙන ඉදිරියට ගෙනයාම ආපු නායකයෙක්. ඒක අපි කියන්නට ඕන. දේශපාලන විරුද්ධවාදියෙක් වුණත් අපි දේශපාලන සගයෙක් වුණත් අපි ඇත්ත කතා කරන්න ඕනේ. ඒ නිසා අපි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා අපි මේ හනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් කරන සටනක් නෙවෙයි මේ කරන්නේ. අපි අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඉතිහාසයෙන් ඒ ලද පාඩම් දිහා බලලා ප්රජාතන්ත්රවාදය රැකීම සඳහා දැන්වත් මේ කරන වැරදි නිවැරදි කරගත යුතු කාලය පැමිණ තිබෙන බව එතුමාට කියනවා. මෙවැනි පැවැති නීතිය ක්‍රියාත්මක කරන්න. හොරු අල්ලන්න…