හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව හිටපු ජනාධිපතිවරුන් ඇතුලු විපක්ෂයේ සියළු පක්ෂ සහභාගී වන ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදය පරදවමු!” මැයෙන් වන මාධ්‍ය හමුව අද (24) මේ වන විට කොළඹ පැවැත්වෙයි.
මෙහි ඇති සුවිශේෂීත්වය වනුයේ විපක්ෂය නියෝජනය කරන සියළු පක්ෂ මේ සඳහා සහභාගීව සිටීමයි.
මෙහිදි පළමුව මාධ්‍ය හමුව ඇමතූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිය බරපතල කණගාටුව ප්‍රකාශ කරන බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මිනි පෙට්ටියේ ලෑලි යතු ගැසීම මේ වන විට ආරම්භ වී ඇති බවත් ය.
විවිධ දේශපාලන මත දැරුවත් වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදි ගති ලක්ෂණ මැකීයමින් ඇති බව දේශපාලනය සම්බන්ධ උනන්දු ඕනෑම අයෙකුට හැඟීයමින් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය යන්න මෙරට නිදහස ලැබූ දා සිට මෙරට ජනතාවගේ ලේ, මස් වලට කාවැදුනු දෙයක් බවත් එබැවින් උද්ගත වෙමින් ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය, ආගමික නායකත්වය, රාජ්‍ය සේවකයන් ඇතුලු සියළු පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදියේ අගය තේරුම්ගෙන කටයුතු කළ යුතු බවද ඒ මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බේරාගැනීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සියළු භේද පසෙකින් තබා විපක්ෂය පොදුවේ මේ තත්ත්වයට මුහුණදීමට ක්‍රියාකරන බවත් ඒ මහතා සඳහන් කළේය