තැපැලේ නිවාඩු අවලංගුයි – සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන්න! කාර්යාල ප්‍රධානීන්ට ලිඛිත දැනුම් දීමක්

තැපැලේ නිවාඩු අවලංගුයි – සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන්න! කාර්යාල ප්‍රධානීන්ට ලිඛිත දැනුම් දීමක්

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන ලෙස තැපැල්පති රුවන් සත්කුමාර මහතා සියලු තැපැල් කාර්යාල ප්‍රධානීන් වෙත ඊයේ ( 21) ලිඛිත දැනුම් දීමක් කර ඇත.


සියලු තැපැල් සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙසත් යම් සේවකයෙක් අසනීප තත්වයෙන් පසු වන්නේ නම් ඔහු රජයේ වෛද්‍ය සහතිකයක් ලබාදිය යුතු බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණ සිටින නිලධාරීන් හට අගෝස්තු මස වැටුප ගෙවීමට අක්මුදල් නිදහස් නොකරන බව භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇති බවද තැපැල් පැතිවරයා යවන ලද ලිපියේ සඳහන් කොට ඇත.

සේවයට නොපැමිණෙන නිලධාරීන් සම්බන්ධයෙන් කාර්ය පටිපාටික රීතීන්හි XV වන පරිච්ඡේදයේ විධිවිධාන අනුව තනතුර අතහැර ගියාසේ සලකා කටයුතු කිරීමට සිදුවන බවද වැඩිදුරටත් එම ලිපියෙන් දැනුම් දීතිබේ.

Search