අලුතින් මුදල් අච්චු ගැහුවා කියන එක පට්ටපල් බොරුවක් – ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත

අලුතින් මුදල් අච්චු ගැහුවා කියන එක පට්ටපල් බොරුවක් – ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත

යම් සංවිධානයක් චෝදනා කරන ආකාරයට ආණ්ඩුව විසින් අලුතින් මුදල් මුද්‍රණය කර නැති බවත් රටේ මුදල් ප්‍රසාරණය වීම සලකා මහ බැංකුව විසින් කළ යුතු ක්‍රියාමාර්ගයක් ලෙස යම් මුදල් ප්‍රමාණයක් එකතු කර ඇති බවත් කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 දා) පැවසීය.


සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ නියෝග, විදේශ විනිමය පනත යටතේ නියමයක් අනුමත කිරීම සඳහා පැවැති විවාදයේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

“යම් සංවිධානයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා මේ රජය බලයට පත් වූ පසුව ටි්‍රලියන 1.2ක් මුදල් අච්චු ගසා තිබෙන බව. දැනට තිබෙන තත්ත්වය අනුව අපට අලුතින් මුදල් මුද්‍රණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. අපි එහෙම කරලා නෑ. ඊට නීතිමය ඉඩක් නෑ. මහ බැංකුව විසින් තමයි මුදල් සංචිතය පාලනය කරනු ලබන්නේ. දැන් ආණ්ඩුව මුදල් අච්චු ගසන්නේ නෑ. මුදල් අච්චු ගසනවා කියා ඒ වැරදි තොරතුරු සමාජ ගත කළ අයට අපි කියන්නේ මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ඒ ගැන බලා

ගන්න පුළුවන් කියායි. ඒ විස්තර සතිපතා එනවා. රටේ මුදල් ප්‍රසාරණය වන විටත් විදේශ විනිමය එන විටත් මහ බැංකුවේ ක්‍රියාකාරකම් කිහිපයක් කළයුතුව තිබෙනවා. ඒ අනුව මහ බැංකුවේ ක්‍රියාකාරකම් මත යම් මුදල් ප්‍රමාණයක් එකතු වෙනවා. එසේ නැතිව ආණ්ඩුව මුදල් අච්චු ගසා නෑ. මුදල් අලුතින් අච්චු ගසනවා කියා කියන්නේ සම්පූර්ණයෙන්ම සමාජය නොමග යැවීමක්. රටේ මුදල් ප්‍රසාරණය වීම මත මහ බැංකුව කළ යුතු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර තිබෙනවා පමණයි. මහජනතාව මේ තාක්ෂණික කරුණු අවබෝධ කර ගත යුතුයි. අපි කිසිම නිර්නායකයක් කඩන්නැතුවයි ක්‍රියා කරන්නේ.

Search