ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තැපැල් වර්ජනය තවදුරටත්

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.


ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (17) පස්වරු 4.00 සිට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.


මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.


මේ හේතුවෙන් අද දිනයේ දි සියලුම තැපැල් කටයුතු අඩපණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් රැසක් ලබා දී තිබිය දී මෙලෙස වර්ජනයක නිරත වීම අසාධාරණ බවය

Search