වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (11දා) හිමිවී තිබේ.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කර ඇත.
දුම්රිය ධාවනයේ පවතින අඩුපාඩු සහ එම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කිහිපවතාවක්ම ඇමැති බිමල් රත්නායක මහතාගේ දෝෂදර්ශනයට ලක්වී තිබේ. දෙපාර්තමේන්තුවේ පවතින එම තත්ත්වයන් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන් තනතුරින් ඉවත් වන ලෙස ඇමැතිවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් ඉල්ලා ඇත. එහෙත් ඒ මහතා ඉල්ලා අස් නොවීම හේතුවෙන් ඔහු දුම්රිය සාමාන්‍යධිකාරී ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇමැතිවරයා විසින් සති දෙකකට පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව එම යෝජනාවට ඊයේ අනුමැතිය හිමිවී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා කියා සිටියේ මෙවැනි තනතුරුවලට පත්වූ විට එවැනි බලපෑම් ඇති වන බවයි. “සාමාන්‍යයෙන් මේක මේ තනතුරේ තිබෙන තත්ත්වයක්. මොකද වෙන්නේ කියලා බලමු” යැයි ඔහු කියා සිටියේය.
ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ඇති ගමනාගමන මණ්ඩලයේ සභාපති, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති, ජාතික වෛi ප්‍රවාහන ආයතනයේ සභාපතිවරුන්ද මීට පෙර එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබිණි. ගමනාගමන මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා සමග ද ඇමැතිවරයා ගැටුම් ඇති කරගෙන ඇති බව වාර්තා වේ.
ඉල්ලා අස්වෙන්න බැහැයි කියපු දුම්රිය සාමාන්‍යාධිකාරී කැබිනට් අනුමැතියෙන් ධුරයෙන් නෙරපයි
