රට තුළ පවතින උග්‍ර ඖෂධ හිඟයේ ප්‍රතිඵලයක් ලෙස සිසේරියන් සැත්කම් සඳහා භාජනය වන ගර්භනී මව්වරුන්ට අදාළ නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ඇතිවන සංකූලතා අඩු කිරීමට ලබා දෙන IV maxalon, iv ondencetrone ඖෂධ දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් රැසක නොමැති වීම නිසා නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ශල්‍යකර්ම අතරතුරදී සංකූලතා ඇතිවීමේ අවධානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
නිර්වින්දනය කරන රෝගීන්ට් සිහි විසඥතාවයට පත්වන බැවින් ඔවුන්ගේ ආහාර මාර්ග පදතිය තුළ පවතින ආහාර කැබලි එම තත්ත්වය යටතේදී සසුන පද්ධතියට ඇතුල්වීමෙන් ශ්වසන පහසුතා සහ මරණයට පත්වීමේ අවධානමක් ඇතිවෙන නිසා – aspiration එම තත්වය පාලනයට ඉහත ඖෂධ ලබාදීම සිදුකරන අතර මේ වන විට අදාළ ඖෂධ ලබාදීමකින් තොරව නිර්වින්දන කටයුතු සිදුකිරීමට නිර්වින්තන වෛද්‍යවරුන්ට සිදුව ඇති ශල්‍යකර්මට භාජන වන රෝගීන්ට ශල්‍යකර්ම අතරතුරදී සංකූලතාවයක් මතුවුවහොත් එය කණගාටුදායක තත්ත්වයක් බැවින් මේ තත්ත්වය පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනම් අවධානය යොමු යුතු බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මෙයට අමතරව ප්‍රධාන පෙළේ රෝහල්වල භාවිතා කරන ප්‍රබල ප්‍රතිචීවක ඖෂධ කාණ්ඩ වන iv vancomycin, IV clarithomycine, IV merapenum හිඟයද වාර්තා වන බැවින් රෝගීන්ට ඖෂධ ලබා දීමේදී ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීමට සිදුවීමෙන් විශාල මුදලක් වැය වන බවද ඔහු පෙන්වා දෙයි
රටපුරා උග්‍ර ඖෂධ හිඟයක් !! සිසේරියන් සැත්කමුත් නවතින ලකුණු
