ළමා හා මාතෘ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වඩාත් සාධනීය සේවාවක් කරන පිරිසක් ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හැඳින්විය හැකි බවත් හැම කොට්ඨාසයකම නොමැති නිසා පිට කොට්ඨාසවල රාජකාරි කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සිටින බවත් මොවුන් වැඩ ආවරණය කරන විට වරු 6කට පමණක් ගෙවන බවත්, වරු 10ක්, 20ක් හෝ 25ක් වැඩ කළත් මේ 6 සීමාවේ පමණක් ඇති බවත් ගමන් දීමනාව කිලෝමීටරයට රුපියල් 2ක් පමණක් ගෙවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (07 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට අමතරව සංයුක්ත දීමනාවල ගැටලු මීට පෙර ද ඉදිරිපත් කළ බවත් කාර්යාල දීමනා ගමේ නම් රු. 250ක් සහ නාගරික බලප්‍රදේශවල රු. 450ක් බවත් මෙය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් හිස්වූ පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාසවලට පත්කිරීම් කඩිනමින් කරන ලෙසත් සෞඛ්‍ය මධ්‍යස්ථාන නොමැති පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාසවලට එම මධ්‍යස්ථාන ඉදිකර දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
අප රටේ ග්‍රාම නිලධාරීන් වසම් 14021ක් ඇති නමුත් පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාසවලට වසම් ගණනාවක් අයිති වන බවත් එක් නිලධාරිනියක් ආවරණය කරන ජනගහනය දෙස බලන විට එය අමාරු බැවින් මෙම කොට්ඨාස කුඩා කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය
පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට ගෙවන දීමනා ප්‍රමාණවත් නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
