ඇමරිකාවෙන් ඉන්දියාවට 50%ක දැවැන්ත බද්දක්..

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර 25%ක තීරුබද්දක් පනවන විධායක නියෝගයකට අත්සන් තැබුවා. මෙම නව තීරණයත් සමඟ ඉන්දියානු භාණ්ඩ සඳහා අමෙරිකාව අය කරන මුළු තීරුබද්ද 50% දක්වා ඉහළ යනු ඇත.

අමෙරිකාව සහ ඉන්දියාව අතර වෙළෙඳ සබඳතා මේ වන විට තරමක් අර්බුදකාරී තත්ත්වයක පවතී. රුසියාවෙන් බොර තෙල් මිලදී ගැනීම හේතුවෙන් ඉන්දියාවට අතිරේක 25% ක තීරුබදු පනවමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබේ.

අමෙරිකාවට වඩාත් සාධාරණ වෙළෙඳ පරිසරයක් ඇති කිරීම සඳහා මෙම පියවර ගත් බව ධවල මන්දිරය නිවේදනය කර ඇත

Search