SM චන්ද්‍රසේනට ඇප!...

SM චන්ද්‍රසේනට ඇප!...

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ( 01) නියෝග කළේය.

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල නොවන ආකාරයට එවකට පැවති ජනාධිපතිවරණය වාසි ලබාගැනීමට හැකිවනන පරිදි හිතවතුන් අතර බෙදා දීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හිටපු අමාත්‍යවරයා ඇතමත මුදාහරණ ලෙස නියෝග කළාය.

Search