පසුගියදා මාධ්‍ය කැමරා ශිල්පී කණ්ඩායමක් අතරමග හමුවූ අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කළේය.
තමන්ගේ ඉතිහාසය හොඳ නැති වුණාම අද සමහරු රටේ ඉතිහාසය වෙනස් කරන්න උත්සාහ කරනවා. අපි දැකලා තියෙනවා වෙනදා ආක්‍රමණ එන්නේ ත්‍රස්තවාදී විදිහට එහෙම නැත්නම් මෙරට නොයෙක් අවස්ථාවල ආක්‍රමණවලට ලක් වුණා. ඒ ආක්‍රමණයට ලක් වෙච්ච හැම අවස්ථාවකම අපේ පෞරාණිකත්වය, ඉතිහාසය, ආගම දහම සංස්කෘතිය විනාශ කෙරුවා.
අද නූතනත්වයේ ආක්‍රමණයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි රාජ්ය බලය ලබාගෙන සමස්ත විෂය ධාරාවෙන් ඉතිහාසය අයින් කරන එක. මේ දෙයින් යම් පිරිසකට අසාධාරණයක් සිද්ධ වුණා. විශේෂයෙන්ම උසස් පෙළට සහ විශ්වවිද්යාල ඇතුළු ඉතිහාසය හදාරලා, ගුරුවරු, ගුරුවරියන් බවට පත්වෙන අය. ඉතින් ජේවීපී එක අන්තරේ කියලා පෙරටුගාමී අන්තරේ කියලා නවකවදයේ දීලා අදින පිරිස තමයි දැන් මේ කරන්නේ.
ඉතිහාස පාඩම අයින් කරලා. මං විශ්වාස කරන ලෝකේ හැම රටකම කුඩා දරුවන්ට පවා තමන්ගේ රටේ ඉතිහාසය උගන්වන පෙර පාසලේ දරුවන් ජාතික කොඩි අතේ අරගෙන ඇමෙරිකාවේ පෙර පාසල්වලට යන්නේ. මහා බ්රිතාන්යයේත් එහෙමයි. ඉන්දියාවෙත් එහෙමයි. අපේ රටේ උසස් පෙළ දරුවන්ට හෝ සාමාන්ය දරුවාට ඉතිහාසය උගන්වන එක වැරැද්දක් බවට පත් කරන්න බැහැ.
ආණ්ඩුවේ ඉන්න අයගේ ඉතිහාසය හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ඉතිහාසය හොඳයි. පැහැදිලිවම මේ රටේ දරුවන්ට රටේ ඉතිහාසය පිළිබඳව ඉගැන්විය යුතුයි.
හැබැයි නූතනත්වයට ගැලපෙන අධ්යාපන ක්රමයක් හඳුන්වා දෙන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒකට ඉතිහාසය අයින් කළාම හරි යන්නේ නෑ. ඒකට මේ රටේ අධ්යාපන ක්රමවේදය තුළ ලෝක රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙන ලෝකයේ ඊළඟ අවුරුදු දහයට උත්පාදනය වන රැකියා අවස්ථාවන් සහ මොන විෂය ධාරාවන්ට ලෝකයේ වැඩි ඉල්ලුමක් තියෙනවාද කියන එක අවබෝධ කරගෙන ඒ වෙනස්වීම් කළ යුතුයි.