සමාජයේ ජීවත් වන ජනතාවට බලපාන ගැටලු ප්‍රශ්න අභියෝග දුක්කම්කටොලු ගැන නගන්න පුළුවන් උපරිම හඬ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නඟන බවත් ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනවා සේම එම ප්‍රශ්න නොවිසඳීම ගැන රජයට අභියෝග කරන බවත් සමහර අය ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිම දුර්වලතාවක් ලෙස හඳුන්වා දී එයට විරුද්ධ වන බවත් වැඩිහිටියගේ ගිණුම්වලට ඉහළ පොළියක් ලබා දීම ගැන කතා කිරීමේ දී, විශ්‍රාමිකයන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන විට, තරුණ රැකියා ගැටලු කතා කර ඒවාට විසඳුම් ලබා දෙන ලෙස රජයට අභියෝග කරන විට රතු ලේබල් 323ක් පරීක්ෂා නොකර නිදහස් කිරීම ගැන ප්‍රශ්න කරන විට, ජනතාවට පොරොන්දු වූ සහන ලබා නොදෙන විට විදුලි බිල 33%කින් අඩු නොකිරීමත් ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරනවා යැයි පොරොන්දු වුවත් එය නොකරන අවස්ථාවේ ප්‍රශ්න කරන විට එම ප්‍රශ්න කිරීමට අකැමැති අය සහ කණ්ඩායම් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාව මුහුණ දෙන ගැටලු ගැන ප්‍රශ්න කරන විට ජනතාව වෙනුවෙන් හඬ නගන විට ඒවාට අකැමැති අය විපක්ෂයේ ක්‍රියාකලාපය වැරදි බවට චෝදනා කරන බවත් මහජන නියෝජිතයන්ගේ කාර්ය වන්නේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීම බවත් විපක්ෂයට බලයක් නොමැති වුවත් ජනතාව මුහුණ දෙන ගැටලු රජයට ඉදිරිපත් කර විසඳුම් ලබා දීම විපක්ෂයේ කාර්යය බවත් එම කාර්යය සමගි ජන බලවේගය හොඳින්ම ඉටු කරන බවත් සමගි ජන බලවේගය ඉදිරිපත් කරන සමහර කරුණු නිසා රජය කරන්න ගිය වැරදි දේවල් නැවත හකුලා ගැනීමට සිදුවූ අවස්ථා පවා පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ සමගි තරුණ සංවිධානය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතාගේ උපදෙස් පරිදි අනුරාධපුර යාය 11 ප්‍රදේශීය රෝහල අලුත්වැඩියාවට ලක් කොට නැවත රෝහල වෙත භාරදීමේ අවස්ථාවට ද එක්විය. ඒ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රෝහල් කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක නිතර වී රෝහලේ අඩුපාඩු පිළිබඳවද සොයා බැලීය.*
*එමෙන්ම උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක තලාව ඥානෝදය පිරිවෙන් කෘත්‍යාධිකාරී සාමවිනිසුරු වැල්ලගිරියේ පඤ්ඤාසාර හිමි මෙන්ම රාජාංගනය යාය 9 ශ්‍රී බෝදිරාජාරාම විහාරස්ථානයට ගොස් ඉහලමුල්ලේ චන්ද්‍රජෝති හිමියන් ද මුණ ගැසී ආශිර්වාද ගැනීම ද සිදු විය.*
*මෙම හමුවීම්වලින් අනතුරුව ‘ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට’ වැඩසටහන යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රාජාංගනය ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් මේ බව පැවසීය.*
නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් මෙරට සිසු පරපුරට අධ්‍යාපන අවස්ථා අලුතින් නිර්මාණය කළ යුතු බවට සමගි ජන බලවේගය පැවසූ බවත් කොතලාවක ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය රජය අහිමි කළත් එම වරද පෙන්වා එයට විරුද්ධ වූ පසු රජය එම තීරණය හකුලා ගනු ලැබූ බවත් අද වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රතිසංස්කරණයක් කියා ඉතිහාස විෂය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න උත්සාහ කරන බවත් මෙයට විරුද්ධව සමාජයම කැලඹී ඇති බවත් පූජ්‍ය පක්ෂය ඇතුළු ආගමික නායකයන් ඊට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන බවත් මේ රජය බලය දුන්නේ මෙවැනි දේ කිරීමට නොව රටට ඔබින අධ්‍යාපනයක් ඇති කිරීමට බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
*අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුත්තේ මේ විදිහට නම් නෙවෙයි*
තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැනි නව අධ්‍යාපන අවස්ථා ගැන තමා ඇතුළු සමගි ජන බලවේගය කරුණු ඉදිරිපත් කරන විට උසුලු විසුළු රජයේ කළ අය අද වන විට පවතින අධ්‍යාපනය සාධනීය ප්‍රතිසංස්කරණවලට ලක් කර දරු පරපුරට යහපතක් නිර්මාණය කරනවා වෙනුවට සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්රතිසංස්කරණයක් කරා යන බවත් මෙයට විරුද්ධව සමගි ජන බලවේගය අදහස් ඉදිරිපත් කර චෝදනා මුඛයෙන් රජයට අභියෝග එල්ල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*අපේ අදහස් යටපත් කරන්න උත්සාහ කරනවා*
විපක්ෂය පෙන්වා දෙන අඩුපාඩු සම්බන්ධයෙන් සමහර අය විරුද්ධ මත ප්‍රකාශ කරන බවත් විපක්ෂය විසින් පවතින අයි.එම්.එෆ්. ගිවිසුමේ අඩුපාඩු පෙන්වා දෙන විට විපක්ෂයේ හඬ යටපත් කර විරුද්ධ මත ප්‍රකාශ කරන බවත් අද ඇත්තේ හිටපු ජනාධිපතිවරයා අත්සන් කළ අයි.එම්.එෆ්. ගිවිසුම බවත් එය ජනතා විරෝධී එකක් බවත් වත්මන් රජය ද අයි.එම්.එෆ් එකේ වහලකු බවට පත්ව කියන කියන පදයට නටන රූකඩයක් බවට පත්වී විදුලි බිල, තෙල් මිල ආදිය වැඩි කර ඇති බවත් මිල සූත්‍ර වෙනස් කරනවා කියූ රජය අද එම මිල සූත්‍රවල වහලකු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*අද ජාතික ආරක්ෂාවත් නැ. අස්වැන්නට සහතික මිලත් නෑ*
අද වන විට රට අනාරක්ෂිත වී දිනපතා අපරාධ රැල්ල වර්ධනය වී ජීවිත නැති වී මිනිමරුවන් මංකොල්ලකරුවන් තුවක්කුකරුවන් ජන සමාජය ග්‍රහණයට ගෙන ඇති බවත් මේ රජයට නීතිය හා සාමය සුරක්ෂා කරන්න නොහැකි වී ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ රජයට රට වැසියන්ගෙන් ටියුෂන් ගන්න සිදුව ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ ගොවියාට පවා සහනයක් නොමැති බවත් අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති වීම, පොහොර හා තෙල් මිල වැඩි වීම, ගුණාත්මක බීජ නොමැති වීම ආදී ගැටලු රැසක් ද ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
*අපේ ඩීල් එක ජනතාව එක්ක පමණයි. ඒක පණටත් වඩා ආරක්ෂා කරනවා*
වීවලට ස්ථාවර මිලක් දෙනවා කියූ මේ රජය අද වන විට කුණු කොල්ලයට වී තැරැව්කාරයන් මිලදී ගන්නා විට රජය අහක බලාගෙන සිටින බවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාවගේ ප්‍රශ්න විවෘතව කතා කරනවා සේම එම ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බවත් දේශපාලන කුමන්ත්‍රණ, ඩීල් නොමැති බවත් එකම ඩීල් එක සහ එකම සමාජ ගිවිසුම ඇත්තේ පොදු ජනතාව සමග බවත් එම විශ්වාසය පණටත් වඩා ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
NEWS CLIP 🧧
https://youtu.be/5Xx-hlcabqc
රජය සිසු පරපුර විනාශ කිරීමේ අදූරදර්ශී අධ්‍යාපන ප්රතිසංස්කරණයක් කරා යමින් සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
