ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට යමින් රට විනාශ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව වමට සිග්නල් දමා දකුණට යමින් රට විනාශ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් රජය මැතිවරණ වේදිකවේ වමට සිග්නල් දැම්මත් දැන් දකුණට යමින් ආර්ථික මධ්‍යස්ථාන පුද්ගලික සමාගමකට පැවරීමේ සැලසුම් සාකච්ඡාවකින් තොරව සිදු කරන බවත් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරනවා නම් විවෘත වී වගකීම හා වගවිය යුතු වුවත් කිසිදු සාකච්ඡා සම්මුතියකින් තොරව මෙය සිදු කරණ නිසා සැකයක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අසළදී පැවසීය.

*අද තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ ගොවීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය*

මේ ගැන පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කර ප්‍රශ්න කරණ බවත් රජයට හිතුමතේට කටයුතු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය පාර්ලිමේන්තුවේ කතා කිරිමේ නිදහස නැති කළත් කරුණු කාරණා ඉදිරිපත් කරන බවත් මෙවැනි සීමා දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කර සාධනීය විසදුම් අපේක්ෂා කළත් රජය එයට ඉඩ නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ ගොවියාට වැදගත් උපකරණ බීජ පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය ගැන විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හැදුවත් ජනතා වරම නොලැබුණු බවත් ගොවියා රජ කරන්න බලයට ආ රජය ගොවියා විනාශ කරන බවත් බීජ මිල වැඩි මෙන්ම පොහොරවල මුදලද නොලැබෙන බවත් අවම වශයෙන් අස්වනු සදහා සහතික මිල ⁣ද නොලැබෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාවට ඉදිරිපත් කළ පො⁣රොන්දු කඩ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

 

Search