අස්වැසුම’ ප්‍රතිලාභ පිළිබඳ නිල වගකීම දරන සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 අගෝස්තු 24 දින මේ පත් කිරීම සිදු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාව මතය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම්ගේ PED/S/BDA/2022 දරන ලිපිය මඟින් මේ පත් කිරීම් කර ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ජයන්ත විජේරත්න එම ධුරය දැරීය.
2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 4 (2) වගන්තියට අනුව මේ පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් විමසා මුදල් ඇමැතිවරයා විසින් සිදු කළ යුතුය. එහිදී අනුගමනය කළ යුතු උපමාන සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව සහ ඇමැතිවරයා එකඟතාවකට එළඹිය යුතු බවද පනතේ දක්වා තිබේ.
අස්වැසුම දෙවැනි අදියර සඳහා දැනට ප්‍රතිලාභීන් 299,532ක් තෝරාගෙන ඇත.
මේ තෝරාගැනීම් සඳහා අභියාචනා සහ විරෝධතා දැක්වීමට හෙට (21) දක්වා කාලය දී තිබේ.
නිර්ණායක 22ක් සහ දර්ශක 6ක් යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් එකතු කරන ප්‍රතිලාභීන්ගේ තොරතුරු සඳහා ස්වයංක්‍රීය ක්‍රමවේදයකට ලකුණු දීම සිදු කරයි. IWMS නම් මේ ක්‍රියාවලිය පරිගණකගත ක්‍රියාවලියකි.
ඉන් පසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පත් කරන අභියාචනා සහ විරෝධතා විභාග කිරීමේ කමිටුව මඟින් මේ ලකුණු සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කරනු ලැබේ