සමගි ජන බලවේගය පක්ෂයේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවෙනු ඇති බවට පසුගිය දිනවල මාධ්‍යයේ පළ වූ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේය
ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතුවලට අදාළ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි ද ඒ අනුව තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇති බවද මහලේකම්වරයා කීවේය