රුපියල් කෝටි 25 ක් වටිනා යතුරුපැදි 21ක් හම්බන්තොට කුරුළු උයනේ ගබඩාවක

රුපියල් කෝටි 25 ක් වටිනා යතුරුපැදි 21ක් හම්බන්තොට කුරුළු උයනේ ගබඩාවක

කුරුළු උද්‍යාන ගබඩාවේ රුපියල් මිලියන 250ක් වටිනා අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි ගබඩා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජූලි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම එම ගබඩාවේ හිමිකරුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පොලිස් භාරයට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය ඊයේ(12) සමත් වුණා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙයෙුමට සමගාමීව වැඩබලන පොලිස්පතිවරයාට ලද විශේෂ තොරතුරත් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කෙරුණා.

එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් පොලීසිය විසින් සොයා ගැණුනා.

එහිදී පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවයි.

එමෙන්ම මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකද පොලිස් අත්අඩංගුවට ගැනුණා

Search