රට පුරා වෙඩි තැබීම් 10ක් සිදු කරමින් සැඟව සිටි වෙඩික්කරුවෙකු මාතර කාලිදාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාසයේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයට හැකිව ඇත.
අනුරාධපුරය, ජා-ඇළ, ගම්පහ, මීගමුව සහ සීදුව පොලිස් වසම්වලදී පුද්ගලයන් ඉලක්ක කොට මොහු මෙම වෙඩි තැබීම් සිදුකර තිබේ.
ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ සගයෙකුගේ උපදෙස් මත සැකකරු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.
අනුරාධපුරය, හල්කුලම ප්‍රදේශයේදී ඉකුත් මස සිදුකරන ලද වෙඩිතැබීමේ සිද්ධියට අදාළව මාතර කාලිදාස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම වෙඩි තැබීමේ සිද්ධීන් 10 අනාවරණය වී තිබේ.
මින් වෙඩි තැබීම් 7ක තොරතුරු සැකකරු මේ වන විටත් අනාවරණය කර ඇති අතර විදෙස්ගතව සිටින තම්මිට සුමිත් නමැත්තාගේ උපදෙස් මත ගල්කුලමේදී ප්‍රද්ගලයකු ඉලක්කකොට වෙඩි තැබූ බව ඔහු පවසා ඇත.
මෙම එක් වෙඩි තැබීමක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවද සඳහන් ය.
2024 වසරේ සිට මෙම වෙඩි තැබීම් සිදුකර ඇති අතර ඒ සඳහා රිවෝල්වරයක් සහ පිස්තෝලයක් භාවිත කර තිබේ.
මත්ද්‍රව්‍යවලට පොලු තැබීම, ජාවාරමට බාධා කිරීම, වෙනත් පුද්ගලයන් සිය ජාවාරමට අත තැබීම මත ලැබුණු කොන්ත්‍රාත්වලට අනුව විදේශගතව සිටින ජාවාරම්කරු මොහුට මුදල් ගෙවා මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත