කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදීමෙන් රජයට රුපියල් ලක්ෂ 263 කට අධික පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (11) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කියා සිටියේ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට කිසිදු බාධාවක් නොමැති බවයි.
ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් වැලි කැණීමේ ව්‍යාපෘතියක් නීති විරෝධී ආකාරයට මෙලෙස විදේශ සමාගමකට
ලබා දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් නම් කර තිබිණි
රාජිත අත්අඩංගුවට නියෝග!...පොලිසිය රාජිතව හොයයි..! රාජිත නිවසින් පලායයි
