කිසිම පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් ගැන කතා කරන මන්ත්‍රීවරුන්ව CIDයට ගෙන්නන්නේ කොහොමද? මේක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන බරපතළ ප්‍රශ්නයක්! මන්ත්‍රී වරප්‍රසාදවලට පිටස්තර කිසිම ආයතනයකට අභීයෝග කරන්න බෑ! විපක්ෂනායක සජිත්

කිසිම පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් ගැන කතා කරන මන්ත්‍රීවරුන්ව CIDයට ගෙන්නන්නේ කොහොමද? මේක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන බරපතළ ප්‍රශ්නයක්! මන්ත්‍රී වරප්‍රසාදවලට පිටස්තර කිසිම ආයතනයකට අභීයෝග කරන්න බෑ! විපක්ෂනායක සජිත්

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම සතුව තිබෙන අවස්ථාවක් වන්නේ වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කිරිම බවත් එය පිටස්තර ආයතනයකට හෝ කණ්ඩායමකට අභියෝග කළ නොහැකි බවත් පාර්ලිමේන්තුව උත්තරීතර යැයි කියන්නේ එය බවත් එවැනි තත්ත්වයක් උඩ දයාසිරි ජයසේකර මහතා එතුමාගේ වරප්‍රසාද කඩකිරීමක් ගැන කරුණු ඉදිරිපත් කර සභාවේ මතු කරන්න අවස්ථාවක් නොලැබීම ඔහුගේ අයිතිය අහිමි කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

මහජන ඡන්දයෙන් පත් වී ජනතා පරමාධිපත්‍ය මුදුන්පත් කර ගෙන පාර්ලිමේන්තුවේ සෛරීත්වය ස්ථාපිත වූ අවස්ථාවේ එයට කාටවත් අභියෝග කළ නොහැකි බවත් කතානායකවරයා නොමැති අවස්ථාවේ නිසි බලධාරියා වන්නේ නියෝජ්‍ය කතානායකවරයා බවත් එම නිසා නියෝජ්‍ය කතානායකවරයාගේ වගකීම වන්නේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා කිරීම බවත් මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, චිත්‍රාල් ප්‍රනාන්දු, අර්චුනා ආදී මන්ත්‍රිවරුන් කැදවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වු කන්ටේනර් ගැන සොයන්න කැදවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා මෙයට මැදිහත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා කරන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ නිදහස යනු මූලික අයිතිවාසිකමක් බවත් පාර්ලිමේන්තුවේ ම එම මූලික අයිතිවාසිකම අහිමි කරනවා නම් පුරවැසියන් ගැන හිතා ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Search