කිරි තේ එකක මිල ඉහළට

සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසා සිටියේ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බවයි.

එම සංගමයේ සභාපති  රුක්ෂාන් හර්ෂණ සදහන් කළේ ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණයට එළඹි බවයි.

මෙහිදී ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කළ අතර, ඒ අනුව ග්‍රෑම් 400යේ පැකට්ටුවක් රුපියල් 100කින් සහ කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 ක් ලෙස මිල ඉහළ දැමීමටයි ආනයනකරුවන්ගේ තීරණය කරනු ලැබුවේ.

Search