බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනියට ඇප!

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනියට ඇප!

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සැකකරුවකු ජනාධිපති පොදු සමාව යටතේ කූට ලෙස නිදහස් කිරීමට අනුබල දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධව සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (09) නියෝග කළාය.

ඒ අනුව සැකකරු රුපියල් 25.000 මුදල් ඇපයක් සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

තුෂාර උපුල්දෙනිය මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙන අතර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Search