ත්‍රිකුණාමලය අක්කර 800ක් සුර්ය පැනල ව්‍යාපෘතියකට ඉන්දීය සමාගමකට..-වසන්ත මුදලිගේ

ත්‍රිකුණාමලය  අක්කර 800ක් සුර්ය පැනල  ව්‍යාපෘතියකට ඉන්දීය සමාගමකට..-වසන්ත මුදලිගේ

මුත්තුනගර් අක්කර 800ක භුමි ප්‍රදේශයක් ඉන්දියානු සුර්ය පැනල සවි කරන සමාගමකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා. එහි තිබෙන බරපතළ තත්ත්වය නම් මේ ඉඩම් මුඩු ඉඩම්වත්, අත්හැරලා දාපු ඉඩම්වත් නෙවෙයි. පසුගිය අවුරුදු පනහක කාලය තුළ වගා කළ ඉඩම්” යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය.

ත්‍රිකුණාමලය, මුත්තුනගර් ගොවිබිම් අක්කර 800ක් ඉන්දියානු සමාගමකට ලබාදීමට යෑම පිළිබඳ සොයා බැලීමට මුත්තුනගර් පැමිණි ජනතාව හමු වීමෙන් පසු සිදු කළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා ජාතික විධායක සහිත වසන්තමුදලිගේ මහතා එසේ කීය.

තවදුරටත් අදහස් දැක්වූ ජාතික විධායක සහික වසන්තමුදලිගේ මහතා,

”කුඹුරු අස්වද්දන්න කියලා ආණ්ඩුව කියනවා. කැඩුණු වැව් ටික හදන්න ආණ්ඩුව ආව කිව්වා. දැන් තියෙන වැව් ටිකත් මුත්තුනගර්වල කඩල දානවා. පුරන් කුඹුරු අස්වද්දන්න ආපු ආණ්ඩුව මෙන්න අස්වදන්න තිබුණු කිඹුරු ටික සමාගම්වලට දෙනවා. ආණ්ඩුවට මේක කරනවා නම් වෙනත් සාධාරණ විදිහකට කරන්න තිබුණා.

ගොවියෝ ටික බේරලා, ඉඩම් හිමියන් බේරලා ආණ්ඩුවට මේක කරන්න තිබුණා. ආණ්ඩුව කළේ බොරු පොරොන්දු දීලා ජනතාව අන්දලා ඡන්ද ටික කොල්ල කාලා. මෙන්න දැන් ගොවියන්ගේ පස්ස පැත්තට පයින් ගහලා දැන් මේ ඉඩම් ටිකෙන් පලයන් යන්න කියලා කියනවා.

ඡන්දෙට කලින් මේ ආණ්ඩුවේ නියෝජිතයින් ඇවිල්ල කිව්වේ මේ ඉඩම් ටික දෙන්නේ නැහැ. මැරුණොත් තමන්ගේ මරණය මතින් තමයි මේ ඉඩම් ටික ඉන්දියාවට ගන්න වෙන්නේ කියලා. එහෙම කියපු අය දැන් කිනවා ඇවිල්ලා මේ ඉඩම් ටික දෙන්න කියලා.

සූර්ය විදුලිය භාවිතයට ගන්න ඕනා. ඒකට ක්‍රම වේදයක් හදන්න ඕන. ගෙවල්වල තියෙන සූර්ය පැනල සවි කරන අයව දිරිමත් කරන්නෙ නැති ආණ්ඩුව ඉන්දියාවේ සුර්ය පැනල සමාගමකට මේ ඉඩම් දීම විහිළුවක්”

Search