X ray -සිටී -එම්.ආර්.යි ඇතුළු රෝගීන්ගේ පරීක්ෂණ දත්ත සමාගමක ග්‍රහණයට!! ප්‍රශ්නය බේරාගන්න බලධාරීන් කඹ ඇදිල්ලක

 X ray -සිටී -එම්.ආර්.යි ඇතුළු රෝගීන්ගේ පරීක්ෂණ දත්ත සමාගමක ග්‍රහණයට!!  ප්‍රශ්නය බේරාගන්න බලධාරීන් කඹ ඇදිල්ලක

 රජයේ රෝහල්වල රෝගීන්ගේ Xray සිටී සහ එම්.ආර්.යි පරීක්ෂා ඇතුළු වෛද්‍ය පර්යේෂණ දත්ත ගබඩා කරන පද්ධතිය (PACS) පාලනය කරන සේවා සැපයුම් සමාගම හදිසියේ සිය සේවා නතර කිරීමත් සමග රෝගීන්ගේ පෙර ලබාගත් පරීක්ෂණ වාර්තා ඇතුළු වැදගත් දත්ත සඳහා වෛද්‍යවරුන්ට ප්‍රවේශ වීම අවහිර කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

 මෙම දත්ත ගබඩාව සම්පූර්ණයෙන්ම අදාළ සේවා සැපයුම් සමාගම අත පවතින බවත් රෝගීන්ගේ පැරණි වාර්තා ඇතුළු දත්ත ලබාදෙන සෞඛ්‍ය බලධාරීන් විසින් කිහිප වතාවක් ඉල්ලීම් කළද මෙම සමාගම ඒවා ලබාදීමට පියවර නොගැනීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමේදී අදාළ රෝගීන් සම්බන්ධ තීරණ ගැනීමේදී අර්බුදයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

 ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 31ක් එනම් රුපියල් කෝටි 800කට ආසන්න මුදලක් වැය කොට අදාළ සමාගමෙන් මෙම දත්ත පද්ධතිය හා සේවාව ලබා ගැනීමට කටයුතු කර තිබේ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලකට මෙවර වෛද්‍යවරුන් විසින් දේශීයව මීට වඩා කාර්යක්ෂම දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට ඒ වන විටත් පියවර ගෙන තිබුනද 2016 වසරේදී ඒවා කර සිටි දේශපාලන බල අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ නිලධාරීන් කීප දෙනෙක්ගේ අවශ්‍යතාවයට මෙම දත්ත පද්ධතිය ගනුදෙනුව සිදුවී ඇත්තේ අමාත්‍යාංශය විසින් පත්කරන ලද තාක්ෂණ ඇගයීම් කමිටුව මෙන්ම එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවා ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමක බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

 කෙසේ වුවද වාරික වශයෙන් මෙම සේවා සපයන සමාගමට අදාළ මුදල රජය විසින් ගෙවන ලද අතර ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සමාගමට ලබා දුන් මෙම ගනුදෙනුවට අදාළ ගෙවීම් රජය විසින් පැහැර හැරීම හේතුවෙන් මේ වන විට වෛද්‍ය වාර්තා ගබඩා කිරීම සහ සන්නිවේදනය කිරීම අත්හිටවීමට මෙම සමාගම පියවර ගත්තේය

Search