ඉකුත් 2022 සහ 2023 වසර වලදී කන්ටේනර් දහසකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි කන්ටේනර් 309 ක් පරීක්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන බව සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජීබර රහුමාන් පැවසීය.
අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යෙන්ම ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ යුතු යැයි ලේබල් ගැසූ පහළොවුම් එකසිය පනස් එකක් අතුරින් බහලුම් 37ක්ද කිසිදු ස්කෑන් හෝ භෞතික පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇති බව එම කමිටු වාර්තාවේ සඳහන් වන්නේ යැයි ඔහු පාර්ලිමේන්තුවේදී පසුගියදා අනාවරණය කළේය. මෙම කන්ටේනර් මුදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට විපක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් මේ දිනවල කටයුතු කරගෙන යන බවත් සඳහන්ය. එසේම ඔහු මේ පිළිබඳ ඉදිරිපාර්තමේන්තු රැස්වීම්වලදී කරුණු ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වෙති
2022- 23 කන්ටේනර් 1000ක්ම නොබලා යවලා...--මුජීබර්
