බැඳුම්කර සිද්ධියට සුදු හුණු ගෑසීමට සහ එහි තොරතුරු වසන් කිරීමට මත්පැන් සමාගමකින් කෝටි ගණනකින් මුදල් ඇතුළු විවිධ වරප්‍රසාද ලබා ගත් බව පැවසෙන හිටපු සහ වර්තමාන මන්ත්‍රීවරුන් දස දෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයක් ආරම්භ කර ඇත
මේ පිරිස අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරකු ඇතුළු විපක්ෂය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය විපක්ෂය ඇතැම් මන්ත්‍රීවරුන් මුල් වකවානුවේදී බැඳුම්කර සිද්ධිය දැඩිව විවේචනය කර ඇති නමුත් මත්පැන් සමාගමෙන් මුදල් ඇතුළු විවිධ වරදාන ලබා ගැනීමෙන් පසු එලෙස විවේචනය කිරීම අතහැර දමා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත
මත්පැන් සමාගමෙන් එම මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇතැයි පැවසෙනම් චෙක්පත් ගණනාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් සොයාගෙන ඇත එම චෙක්පත් පිළිබඳ පරීක්ෂණ මෑතක සිට අලුත් වටයකින් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත. බැඳුම්කර සිද්ධිය පිළිබඳ මුලින් විමර්ශනය පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විසිනි
මහා බැංකු සුද්දයට සුදු හුණු ගෑ මන්ත්‍රී 10ක් ගැන සොයයි
