විද්‍යුත් විසා සිද්ධියට හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී

විද්‍යුත් විසා සිද්ධියට හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලු‍ක්පිටිය කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම මේ මස 24 වනදා සිදුකිරිමට නියමිතයි.



මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ

Search