ලෝක බල අරගලය මැද මෙරට ද බල හුවමාරුවක් විය හැකියි’- හිටපු ජනපති රනිල් කියයි

ලෝක බල අරගලය මැද මෙරට ද බල හුවමාරුවක් විය හැකියි’- හිටපු ජනපති රනිල් කියයි

ලෝක බල අරගලය ඉදිරියේදී මෙරට බල හුවමාරුවකට තුඩු දිය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ලෝකය බල අරගලයක් තුළින් ගමන් කරන අවදානම් තාලයක සිටින බව පැවැසූ හිටපු ජනාධිපතිවරයා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය සටතේ ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව සඳහන් කළේ ය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත රචිත ‘විකල්ප මඟ’ කෘතිය පිරිනැමූ අවස්ථාවේදී හෙතෙම මේ බව කීවේ ය.

කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගිය දා මෙම හමුව පැවතිණි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

“ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙළා ළකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාර ළියත් කළේ ඉරානය පරමාණුක බල ශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ඉරානය ශ්‍රී ලංකාවට ද උදවු උපකාර කර ඇති මොහොතක වත්මන් ආණ්ඩුව පෙනී නොසිටීම කණගාටුවට කරුණක්. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා.


ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැඟී සිටිනවා. එම බලවේගය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය බ්‍රික්ස් ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන්ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමඟ අපි ගමන් කළ යුතු යි

Search