IMF සිවුවැනි සමාලෝචනයත් අනුමතයි

   IMF සිවුවැනි සමාලෝචනයත් අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානයේ සිව්වන සමාලෝචනය අනුමත කර ඇත.

මෙම අනුමැතියත් සමඟ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 336ක (IMF හි විශේෂ මුදල් ගැනීම් අයිතිය (SDR) මිලියන 251ක්) වටිනා අරමුදල් කොටසක් ලැබීමට නියමිතයි. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීතාවය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තවත් ශක්තියක් ලබා දෙනු ඇත.

2023 මාර්තු මාසයේදී IMF විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් අනුමත කරන ලදී. සිව්වන සමාලෝචනයෙන් ලැබෙන මුදලත් සමඟ ශ්‍රී ලංකාවට මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.67ක් පමණ ලැබී ඇත.

IMF විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව විසින් සිදු කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ, විශේෂයෙන්ම මූල්‍ය විනය පවත්වා ගැනීම, රාජ්‍ය ආදායම වැඩි කිරීම සහ විනිමය අනුපාතය ස්ථායීකරණය කිරීම වැනි කරුණු අගය කර ඇත.

ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සහ සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම වැනි අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.

මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කිරීමට, අයවැය පරතරය පියවා ගැනීමට සහ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ

Search