කොළඹ නගර සභාව ඇතුළු රට පුරා නගර සභාවල පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳව වාහාම විමර්ශනයක් කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීමට සූදානම් බව රජයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි .
ඒ අනුව ටෙන්ඩර් ලබාදීම් වාහන රථ ගාල් ලබාදීම් සේවකයන් බඳවා ගැනීම් හිටපු මන්ත්‍රීවරුන් සිය වරප්‍රසාද අවභාවිතා කිරීම් යන කරුණු පිළිබඳව සිදුකර ඇති වංචා දූෂණ පිළිබඳ විමර්ශන සිදු කරනු ඇත .
විශේෂයෙන්ම හිටපු නගරාධිපතිවරුන් අයථා ලෙස ඉපයූ වත්කම් පිළිබඳ සොයා බැලීමත් මෙහිදී විශේෂයෙන් විමර්ශනය කරනු ඇති බව හෙළි වේ. ඒ අනුව ආණ්ඩුවේ දූෂණ වංචා විමර්ශන ක්‍රියාවලිය සිදුකරන අතරතුරම පළාත් පාලන ආයතන වලද සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව සෙවීම හා ඊට දඬුවම් දීමට අවශ්‍ය ක්‍රියාවලිය ද ආණ්ඩුව හරහාම සිදු කිරීමට අත ගසා ඇති බව දැනගන්නට ඇත.
නගර සභාවල විශේෂයෙන් මාර්ග පිළිසකර කිරීමේදී ඇතැම් සභාවල කටයුතු කළ අන්දම පසුගිය කාලය තුළ මාධ්‍ය මගින් වාර්තා කිරීම දක්නට ලැබුණු අතර ඒ පිළිබඳව මෙන්ම හිටපු ඇමතිවරුන් ඥාතීන් හා හිතවතුන්ට ටෙන්ඩර් ලබා දීමේදී සිදුකළ අක්‍රමිතා පිළිබඳව ද එහිදී විශේෂයෙන් විමර්ශනයට ලක් කරනු ඇති බව වාර්තාවේ සඳහන් වෙයි