රාජිතටත් බඩු හරි !! අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

 රාජිතටත් බඩු හරි !! අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

ධීවර වරාය නීතිගත සංස්ථාවට සිදුවූ රුපියල් ලක්ෂ 262ක පාඩුව සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පියවර ගනිමින් සිටින බව ඊයේ (27) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.


මෙම කරුණු අනාවරණය වූයේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදීය. ලියනගේ මහතා දැනටමත් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන සිටිනු ලබයි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා ඇති අන්දමට, කිරින්ද ධීවර වරායේ වැලි පිරිසිදුකර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමක් සමඟ ඒකාබද්ධව සිදු කිරීමේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතු වැලිගොව්වා නෞකාව මෙන්ම අනෙකුත් පහසුකම්ද අදාළ කොරියානු සමාගමට ලබාදීම හේතුවෙන් සංස්ථාවට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුවී ඇත.


ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරීමට නියෝග කළාය. එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත්, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමටත් මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්අඩංගුවට ගැනීම ඉදිරි දිනවලදී සිදුවනු ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කර ඇත. මෙම පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතින අතර, වැඩිදුර විමර්ශන සඳහා කොමිසම විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටී

Search