පක්ෂ ස්ථාවරයට පිටින් ගිය පුත්තලමේ නුස්කි සජබෙන් නෙරපයි

පක්ෂ ස්ථාවරයට පිටින් ගිය පුත්තලමේ නුස්කි සජබෙන් නෙරපයි

පක්ෂ ස්ථාවරයට පිටින් ගොස් කටයුතු කළ පුත්තලම මහනගර සභාවේ සභික එන්.එම්.එන්. නුස්කි ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජනබලවේගය පක්ෂය පියවර ගෙන ඇත.

ඊට අදාළ නිවේදනය සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් නිකුත්කර තිබේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී පක්ෂ මතයට පිටින් ගොස් කටයුතු කළ පළාත් පාලන ආයතන සභිකයින් කිහිපදෙනෙකුගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජනබලවේගය පක්ෂය කටයුතු කර තිබිණ

 

Screenshot 20250627 153123 Samsung Notes

Search