පළාත් පාලන ඡන්දයට අදාළව මාලිමාවට බහුතරය නොතිබූ සහාවල මේ දක්වා පැවති නිලවරණ 95න් පළාත් පාලන ආයතන 53ක් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කර තිබෙන බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (ජූනි 22) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය ලෙස සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම්, මුස්ලිම් කොංග්‍රසය සහ අනෙකුත් දේශපාලන පක්ෂවල සහයෝගයෙන් මේ දක්වා එම පළාතේ පාලන ආයතනවල ජයග්‍රහණය තහවුරු කළ බව සජබ ජාතික සංවිධායක පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය ආයතන 53ක බලය අල්ලා ගැනීම පිළිබඳව ආණ්ඩුව විශාල කලබලයක් ඇතිකරගෙන තිබෙන බවද ඔහු කීය.
සමගි ජන බලවේගයට පමණක් පළාත් පාලන ආයතන 22ක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී තිබෙන බව සංවිධායකවරයා කීවේය.
ඔහු තවදුරටත් පැවසුවේ, ද්‍රවිඩ දේශපාලන ව්‍යාපාරය උතුරේ පළාත් පාලන ආයතන 16ක් ජයග්‍රහණය කර තිබෙන බව ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 3ක් ජයගත් බවත් කඳුරට ජනතා පෙරමුණ පළාතේ පාලන ආයතන 3ක් ජයගත් බවත් ඔහු පැවසීය.
සංවිධායකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් පළාත් පාලන ආයතනයක් සහ ස්වාධීන කණ්ඩායම් සහ අනෙකුත් සියලුදෙනා අනෙකුත් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරගෙන තිබෙන බවත් ය.
නිලවරණවලින් ජාතික ජන බලවේගයට ජය ගැනීමට හැකි වී ඇත්තේ ආයතන 42ක් පමණක් බව ඔහු පැවසීය.
මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය පවා ආණ්ඩුව ඔවුන් සතුකර ගැනීමට උත්සාහ කළ බව කී සජබ ජාතික සංවිධායකවරයා, පළාත් පාලන කොමසාරිස්වරුන්ට සභිකයන්ගේ කැමැත්ත විමසා බැලීමේ පූර්ව අවස්ථාව රහස් ඡන්දයක් බවට පරිවර්තනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගත් බවට චෝදනා කළේ ය
ආයතන 53ක බලය අපි තහවුරු කර ගත්තා--තිස්ස අත්තනායක
