පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි හම්බන්තොට නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි විය.
හම්බන්තොට නගර සභාවේ මංගල සැසිවාරය පැවැති අද (23) දින නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී. ඒ. ගාමිණි මහතා හම්බන්තොට නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.
හම්බන්තොට මහ නගර සභාවේ බලය සජිත් අල්ලයි
