ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය නියාමකවරු අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.
උසස්වීම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධව බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළත් විසඳුමක් නොලැබුණ නිසා මෙම වැඩ වර්ජනයට යොමු වූ අව දුම්රිය නියාමක සංගමය පවසයි.
දෙපාර්තමේන්තු නිලධාරීන් හා තම සංගමය අතරය අද දහවල් සාකච්ඡවක් පැවැත්වීමට නියමිත බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමය රැස් වී මෙම වෘත්තිය සමති ක්‍රියාමාර්ගය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක්් ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
දිගු කාලයක සිට උසස් වීම් ලබා නොදී ම නිසා තම සේවාවේ විශාල පිරිසක් බලවත් අසාධාරණයකට පත්ව සිටින බව එම නිලධාරියා පවසයි.
මේ තත්ත්වය මත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් අද ආරම්භ කරන සංකේත වැඩ වර්ජනය නිසා ජනතාවට යම් අපහසුතාවකට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම ප්‍රවාහන ඇමතිවරයා ප්‍රමුඛ නිලධාරින් බාරගත යුතු බව දුම්රිය නියාමක සංගමය වැඩිදුරටත් පවසයි