මාලිමාව මේ දක්වා පළාත් පාලන ආයතන 29ක‍ බලය පිහිටුවයි

මාලිමාව මේ දක්වා පළාත් පාලන ආයතන 29ක‍ බලය පිහිටුවයි

පළාත් පාලන මැතිවරණයෙන් 50% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි නොවී ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන 29 ක බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා ඇත. මෙහිදි විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල සහාය ගෙන තිබේ

කොළඹ, කුරුණෑගල, රත්නපුර, නුවරඑළිය යන මහ නගර සභාවල මෙන්ම පෑලියගොඩ, හික්කඩුව, පුත්තලම, බණ්ඩාරවෙල, කොලොන්නාව, තලවකැලේ, ලිදුල යන නගර සභාවල බලයද ජාතික ජන බලවේගය විසින් පිහිටුවා තිබේ.

මීට අමතරව හල්දුම්මුල්ල, මීගහකිවුල, ඌව පරණගම, මැදවච්චිය, කොබෙයිගනේ, මිණිපේ, මැදදුම්බර, උඩුදුම්බර, පඬුවස්නුවර, ගලේවෙල, දඹුල්ල, වැලිකන්ද, හපුතලේ, කල්පිටිය, වවුනියා දකුණ, සොරණෑතොට යන ප්‍රාදේශීය සභාවල බලයද ජාතික ජන බලවේගය විසින් පිහිටුවා ඇත.

Search