බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට එරෙහි නඩුව: හොර පාරෙන් සිරකරුවෝ හැට අටක් නිදහස් කරල... නත්තල් දා 57යි නිදහස් දා 11යි. අධිකරණ බලය අවභාවිතා කරලා.. මේ සෙල්ලම දීර්ඝ කාලයක් තිස්සේ කරලා.. නිදහස් කරන්න තියෙන අය ඉන්දෙද්දි නිදහස් නොකර තමන්ට අවශ්‍ය අය නිදහස් කරල... ජනාධිපති සමාවට මුවාවෙලා භයානක අපරාධකරුවන් මුදාහැර තිබෙනවා අතිරේක සොලිසිට ජෙනරාල් දිලීප පීරිස් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට චෝදනා කරයි..
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සඳහා අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණයට අසත්‍ය තොරතුරු සහ වාර්තා සැපයීම සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා රැසක් යටතේ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියහ.
නඩුව ආරම්භ වූ අවස්ථාවේදී දීර්ඝ ලෙස කරුණු දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිට ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මීට පෙර නත්තල් උත්සවය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කළ අවස්ථාවේදී නීතියට පිටින් සිරකරුවන් පනස් අත් දෙනකු මුදා තිබෙන බව දැනට කළ විමර්ශනවලින් හෙළි වී ඇති බවයි. එමෙන්ම නිදහස් උත්සවය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කළ අවස්ථාවේදී වෙනත් සිරකරුවන් එකලොස් දෙනෙකු මුදා හැර ඇති බවද අතිරේක සොලිසියට ජනරාල් අධිකරණයට පෙන්වා දුන්නේය