වැඩතහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ..
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (11) දක්වා බන්ධනාගාර ගත කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඛන්ධනාගාර රෝහලට යොමු කර තිබුණි
සැකකාර තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට බන්ධනාගාරයේදී විශේෂ ආරක්ෂාවක් ද ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබිණ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පාතාල ක්‍රියාකාරිකයන් ඇතුළු රැඳවියන් 2300 ක් පමණ රඳවා සිටින අතර, එය හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ ජීවිතයට තර්ජනයක් බැවින් ඒ සම්බන්ධයෙන් වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනංජය මහතාගෙන් උපදෙස් ගෙන බන්ධනාගාර තුෂාර උපුල්දෙණිය මහතා රෝහලට යොමු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමට නියමිතය.