ජනාධිපති සමාව ලැබුණේ යැයි සඳහන් කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කර තිබේ.
පැය පහකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර ඔහුට යළි කැඳවීමක් සිදු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.
මීට පෙරද ජනාධිපති සමාව හිමි වූ බව බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මත විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසුවේය.