පොසොන් උළෙලේ පාකිං ටිකට් කඩන්න ආ මාලිමා සභාපතිට මිහින්තලේ නාහිමි කන හරහා දෙසයි….!

පොසොන් උළෙලේ පාකිං ටිකට් කඩන්න ආ මාලිමා සභාපතිට මිහින්තලේ නාහිමි කන හරහා දෙසයි….!

මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සව සමයේ වාහන ගාල් කිරීම සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟ රාජ්‍ය පොසොන් කමිටුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

ඒ, මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි ඊට විරෝධය පල කිරීමත් සමඟය.

 

වසර ගණනාවක් තිස්සේ වාහන ගාල් කිරීම සඳහා මුදල් අය නොකළ බවත් මෙම සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

මෙම යෝජනාව ඉදිරිපත් කල මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග සභාපතිවරයා එහිදී පැවසුවේ තමනට ඒ පිළිබඳ අත්දැකීම් නැති බවයි.

Search