සිරුරු 07ක මිනිස් ඇටසැකිලි එකම තැනකින් හමුවෙයි... සමූහ මිනී වලක් දැයි සැකයක්

සිරුරු 07ක මිනිස් ඇටසැකිලි එකම තැනකින් හමුවෙයි... සමූහ මිනී වලක් දැයි සැකයක්

යාපනය – චෙම්මිණි සුසාන භූමියේ කැනීම්වල දී සිරුරු 07ක ඇටසැකිළි හමු වී තිබෙන පුවතක් වාර්තා වනවා. සමූහ මිනිස් වළක් ද, සුසාන භූමියක් ද සොයා අධිකරණයෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බවයි.

යාපනය මහෙස්ත්‍රාත් ඒ. ආනන්දරාජා මහතාගේ නියෝගයන් පරිදි මෙම කැණීම් කටයුතු සිදු කෙරෙනු බවයි කෝපායි පොලිසිය සඳහන් කළේ.

මේ පිළිබඳ වාර්තාව අද (06) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා යාපනය අධිකරණ වෛද්‍යවරයාට හා පොලිසියට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ

Search