දෙහිවල දුම්රිය ගැටීමකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට

දෙහිවල දුම්රිය ගැටීමකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට

කොළඹ කොටුව සිට අළුත්ගම බලා ධාවනය වූ දුම්රියක්, දෙහිවල ප්‍රදේශයේ දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අඹුසැමි යුවලකට ඊයේ (04) සවස් කාලයේදී ගැටී, ඔවුන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලීසිය පවසයි.

 

මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් සහ 59ක් වැනි බදුලුපිටිය, බදුල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් වන අතර, ඔවුන් එම මොහොතේදී දුම්රිය මාර්ගය හරහා යමින් සිටි බව වාර්තා වේ.

 

මෘත දේහ මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දෙහිවල පොලීසිය විසින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Search